වුහාන් නගරයේ සිටි සිසුන් සිය මව් රටට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වෙයි
Saturday, 01 February 2020 - 16:35 | Views - 349
චීනයේ වුහාන් නගරයේ සිටි සිසුන් සිය මව් රටට යළි ගන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව සිසුන් සිය රටට රැගෙන ගිය සෙසු රටවල් වනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (01) පෙරවරුවේ වුහාන් නගරයේ සිටි ශ්‍රී ලංකික සිසුන් මෙරටට ගෙන එනු ලැබුවා.

එම සිසුන් මේ වන විට දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබෙනවා.

යුධ හමුදාවේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කණ්ඩායම්, මහජන සෞඛ්‍ය නිළදාරීන් ද නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණයට එක්ව සිටින අතර දින 14ක අධීක්ෂණයෙන් අනතුරුව සිසුන් දෙමාපියන්ට භාරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top