සිය ජීවිත පවා අවදානමේ දමමින් ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන එන්න වූහාන් ගිය ශ්‍රී ලන්කන් වීරයෝ (ඡායාරූප)
මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ, කොරෝනා වෛරසය වෙතටයි.
ජීවිත 258ක් බිලිගත් කොරෝනා ලොව පුරා රටවල් 23ක සිය ආධිපත්‍යය පතුරමින් සිටිනවා.
කොරෝනා ආසාදිත වූ පිරිස් 11,000ත් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එවන් තත්ත්වයක් තුළ ලොව බොහෝ රටවල්වලින් චීනය බලා ගිය පිරිස් නැවත ගෙන්වා ගනිමින් සිටිනවා.
එසේම ශ්‍රී ලංකාවත් මෙම රටවල් අතරට අයත් වුණා.
ශ්‍රී ලාංකීය මනුෂ්‍යත්වය ලොවටම විදහා පාමින්, ඊයේ දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම මානුෂිය මෙහෙයුම දියත් කළේ අපමණක් කැපකීරිම් මධ්‍යයේයි.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ අසීමිත කැපවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්ව තිබෙනවා.

