චීනයේ වූහාන් හි රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව රැගෙන ඒම සුවිශේෂී ජයග්‍රහණයක් බව රජය කියයි
Saturday, 01 February 2020 - 14:07 | Views - 593
චීනයේ වූහාන්  නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු අද පෙරවරුවේ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ශ්‍රී ලංකාව ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව රජය පවසනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ එය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප මෙන්ම විශ්වාසදායක විදේශ ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු කරන්නක් බවයි.

චීනයේ සිට මෙම සිසුන් අද පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ යානයෙන්.

ඔවුන් මේ වන විට දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top