ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය චීනයට ගුවන් ගමන් නවතයි
Saturday, 01 February 2020 - 13:33 | Views - 453
ඕස්ට්‍රේලියාවේ කොන්ටාස් ජාතික ගුවන් සේවය චීනය වෙත සිය ගුවන් ගමන් මේ මස 9 වන දා සිට අත්හිටුවන බව ප්‍රකාශ කළා.
ඒ, තවත් රටවල් රැසක් චීනය වෙත සංචාර සීමා කිරීමට පියවර ගැනීමත් සමඟයි.
ඕස්ට්‍රේලියානු ගුවන් සේවය ප්‍රකාශ කළේ සිඞ්නි නුවර සහ බීජිං අතර මෙන්ම, සිඩ්නි නුවර සහ ෂැංහයි අතර ඍජු ගුවන් ගමන් මාර්තු 29 වන දා දක්වා අත්හිටුවන බවයි.
එමෙන්ම, ඇතැම් විට පෙබරවාරි 9 වන දාට පෙර ම මෙම ගුවන් ගමන් අත්හිටුවීම ක්‍රියාත්මක කළ හැකි බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.
ඇමරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවය ද චීනයේ බීජිං සහ ෂැංහයි වෙත ගුවන් ගමන් ඊයේ සිට මාර්තු 27 වන දා දක්වා අත්හිටුවනු ලැබුවා.
එමෙන්ම, තවත් ඇමරිකානු ගුවන් සේවාවන් වන යුනයිටඩ් සහ ඩෙල්ටා ගුවන් සේවාවන් ද පෙබරවාරි 5 වන දා සිට චීනය වෙත ගුවන් ගමන් නතර කරනු ලබනවා.
කෙසේ නමුත් මෙම ගුවන් සේවා සියල්ලම හොංකොං වෙත සිය ගුවන් ගමන් තවදුරටත් ක්‍රියාත්මක කරනු ඇති.
Share This Article