ගිනිගත් ලොරියකින් මළ සිරුරක් හමුවේ
Saturday, 01 February 2020 - 13:13 | Views - 485
කන්තලේ - තඹලගමුව ප්‍රදේශයේ මාර්ගයේ නවතා තිබූ ගිනි ගත් ලොරි රථයක් තුළ තිබී සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අද අලූයම එම ලොරි රථය ගිනි ගන්නා බවට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුර සොයා ගත් බවයි.
එහිදී ගින්න නිවීමෙන් පසු ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුනට පසුපස අසුනේ තිබී මෙම පිළිස්සුණු මළ සිරුර සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය - මිහිදුපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම සිද්ධිය අපරාධයක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම ස්ථානයට කැදවා විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මහේස්ත්‍රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීමට ද නියමිතයි.
Share This Article