ගිනිගත් ලොරියකින් මළ සිරුරක් හමුවේ
Saturday, 01 February 2020 - 13:13 | Views - 486
කන්තලේ - තඹලගමුව ප්‍රදේශයේ මාර්ගයේ නවතා තිබූ ගිනි ගත් ලොරි රථයක් තුළ තිබී සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ අද අලූයම එම ලොරි රථය ගිනි ගන්නා බවට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුර සොයා ගත් බවයි.

එහිදී ගින්න නිවීමෙන් පසු ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුනට පසුපස අසුනේ තිබී මෙම පිළිස්සුණු මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය - මිහිදුපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම  සිද්ධිය අපරාධයක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම ස්ථානයට කැදවා විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මහේස්ත්‍රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීමට ද නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top