ජාඇල දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ලොරි රථයක් කොල්ල කයි
Saturday, 01 February 2020 - 12:48 | Views - 1,002
ජාඇල - නිවන්දම ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ලොරි රථයක් කොල්ල කා තිබෙනවා.
මියගිය පුද්ගලයා ඔහුගේ කුඩා ලොරි රථයෙන් තුඩැල්ල ප්‍රදේශයට කුලී ගමනක් යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව ඔහුට ගල්කන්ද හන්දියේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරුව ඔහු එම ස්ථානයේ දමා ලොරි රථය කොල්ල කා ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මිය ගොස් ඇත්තේ ජාඇල - උස්වත්ත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.
Share This Article