කොළඹ සහ යාපනය අතර අද සිට යළි ගුවන් ගමන්
Saturday, 01 February 2020 - 12:35 | Views - 667

කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් අද ආරම්භ වනවා.රට තුල අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරීමේ අරමුණින් මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කරන බවයි කාර්මික, අපනයන ආයෝජන ප්‍රවර්ධන හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියේ ප්රකාශනයෙන් මෙරට අභ්‍යන්තර ගුවන් සේවා පුළුල් කරන බවට සහතික වී ඇති බවයි.ඒ අනුව, යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කිරීමට ද රජයේ අවධානය යොමුව ඇති බව ඔහු සඳහන් කළා.ATR 72 වර්ගයේ මගීන් 70ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක් මේ සඳහා යොදවන අතර, සෑම සෙනෙසුරාදාවකම මෙන්ම, සඳුදා සහ බදාදා දිනයන්හි අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වනවා.රත්මලාන ගුවන්තොටුපලෙන් උදෑසන 7.30ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ළඟා වන්නේ උදෑසන 8.30 ටයි.නැවත උදෑසන 9.30ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිතයි.යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය - පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර, එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.කොළඹ සිට යාපනයට ගමන් කිරීම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 7500ක්.ඒ අනුව, කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹට පැමිණීම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 15,000ක්.මීට පෙර යාපනය, කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේදී මගියෙකුගෙන් රුපියල් 33,000ක මුදලක් අය කරගෙන තිබුණා.2002 සිට 2004 ක්‍රියාත්මක වූ සාම ගිවිසුම් කාලයේදී යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණු අතර යුද සමයේදී ලයන් එයාර් ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධියත් සමඟ යාපනය - කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් සම්පූර්ණයෙන් නතර වුණා.
Share This Article