දියණියකට වද හිංසා කළ පියෙකු සහ ඔහුගේ දෙවන බිරිඳ අත්අඩංගුවට
Saturday, 01 February 2020 - 11:51 | Views - 431
9 හැවිරිදි තම දියණියට පහරදී, අත්පා ගැට ගසා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇගේ පියා සහ ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබෙනවා.

ඒ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ ඉමදූව - ගෝනන්වල පදිංචි 34 හැවිරිදි ඇයගේ පියා සහ 24 හැවිරිදි ඔහුගේ දෙවන බිරිඳයි.

දැරියට පහරදී ලිංගාශ්‍රිත ප්‍රදේශයට උණුවතුර ද වත්කර ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේයි මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ සැකකරුගේ පළමු බිරිඳ පවුල් ආරවුලක් නිසා තම දියණිය ද රැගෙන ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදරට ගොස් ජිවත්වී ඇති බවයි.

සැකකරු විසින් අදාළ නිවසට ගොස් දියණිය බලහත්කාරයෙන් රැගෙනවිත් ඇති අතර, දියණියගේ මව විසින් සිය දරුවා දෙන ලෙසට කිහිප වතාවක්ම දුරකථන ඇමතුම් ලබාදී ඇතිබව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව දියණිය ගෙන යාමට එන ලෙස මවට කරන ලද දැනුම්දීමට අනුව, මව පෙරේදා සවස ඉමදූව - කෝදාගොඩ ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී සැකකරු දියණිය ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට රැගෙනවිත් තිබුණා.

දැරියගේ තත්ත්වය දුටු මව ඒ අවස්ථාවේ සිහිසුන් වී ඇති අතර පසුව පොලීසියට දන්වා පසුව දියණිය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව, දැරියගෙන් ලබා ගත් කට උත්තර අනුව මෙලෙස පියා සහ ඔහුගේ දෙවන බිරිඳ පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top