කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 258 දක්වා ඉහළට - ආසාදිතයන් 11,000ක්
Saturday, 01 February 2020 - 11:29 | Views - 650
මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 258 දෙනෙකු  මියගොස් තිබෙනවා.

ඒ වෛරසය කේන්ද්‍රගත වූ හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ 45ක් වාර්තා වීමත් සමඟයි.

පැය 24ක් තුළ චීනයෙන් වාර්තාවන තහවුරු කළ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1347ක් වන අතර ඒ අනුව චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව 11000 ඉක්ම වනවා.

මීට අමතරව ලොව පුරා රටවල් 23කින් කොරෝනා ආසාදිතයන් 139ක් සොයාගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් මතු වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදියි.

මිලියන 11ක ජනගහනයක් වෙසෙන වූහාන් නගරයේ බලධාරීන් ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා නොකිරීම පිළිබදව කොමියුනිස්ට් බලධාරීන් ඊයේ ඔවුන් දෝෂදර්ශනයට ලක් කළා.

එමෙන්ම සාස් වෛරසයට සමාන මෙම නව වෛරසය පැතිරීම ආරම්භ වූයේ බිලියන 1.4ක් වූ චීන ජනතාව ලූනා නව වසරේ නිවාඩුවට ගම්බිම් බලා යාම ආරම්භ කළ මොහොතේයි.

මේ අතර, චීනය සහ හොංකොං අතර පවතින දේශසීමා වසා දමන ලෙසට එරට සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ හොංකොං නායක කැරී ලැබ් ප්‍රකාශ කර ඇත්තේ එලෙස දේශසීමා වසා දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොපවතින බවයි.

එමෙන්ම, දේශසීමා වසා දැමීම සිදුනොකරන බැවින් වැඩවර්ජන සඳහා යොමු නොවන ලෙස ද තායිලන්ත නායකයා එරට සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, මැලේසියාව විසින් මිලියන 18 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යාරක්ෂිත අත් වැසුම් තොගයක් චීනයේ වූහාන් වෙත යැවීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ වූහාන් හි සිටින කොරෝනා ආසාදිත වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහායි.

එමෙන්ම චීනයේ සිට ගමන් ගන්නා ගුවන් යානා වල ගමන් කරන මගීන්ට ලබාදෙන පුවත්පත් සහ කබා ආදිය තාවකාලිකව ලබානොදීමට ද බලධාරින් පියවර ගෙන තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top