පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර රැකියා අහිමි වූ පිරිසට පොරොන්දුවක්
Friday, 31 January 2020 - 21:34 | Views - 496
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර රැකියා අහිමි වූ පිරිස අද පෙරවරුවේ එම ස්ථානයෙන් විසිර ගියා.

ඒ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන්ට මාසයක සේවා දිගුවක් සහ ලබන මාසය තුළ සේවය ස්ථීර කිරීමට ලබා දුන් පොරොන්දුවකින් අනතුරුවයි.

එම ස්ථානයට රැස්ව සිටි ලංකා ඛනිජතෙල් සංස්ථාවේ රැකියා අහිමි වූවන් අද පස්වරුවේ එම ස්ථානයෙන් විසිර ගියේ අරගියගහ මන්දිරයේදී ඛනිජතෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා හමුවී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අසාධාරණ ලෙස තමන් රැකියා වලින් ඉවත් කර ඇති බවට චෝදනා කරමින් ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ සහ පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවේ රැකියා අහිමි වූවන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා.

විරෝධතාකරුවන් ඊයේ පස්වරුව වන තෙක්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටි අතර පොලීසියේ මැදිහත්වීමෙන් ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීමට උත්සහ කලද එයට එකඟ නොවූ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටියා.

විරෝධතාව අතරතුර රථවාහන ගමනාගමනය සදහා මාර්ගය සකස් කිරීමේදී පොලිස් නිළධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රීයෙත් විරෝධතාකරුවන් රැදී සිටි අතර, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ස්ථානය පැමිණ විරෝධතාකරුවන් සමග සංවාදයක නිරත වුණේ මේ ආකාරයෙන්.

අද පෙරවරුවේත් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැදී සිටි අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම ස්ථානය පැමිණ මාධ්‍යට අදහස් පළ කිරීමට යාමේදී විරෝධතාකරුවන් විසින් පැවති යහපාලන ආණ්ඩුවට සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටද චෝදනා කර සිටියා.

පොලිසියේ මැදිහත් වීමන් පසුව පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ රැකියා අහිමි වූවන්ගේ නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීන් සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් සදහා අවස්ථාවක් හිමි වුණා.

එම පිරිස විසිර ගිය අතර එම ස්ථානයේ තවදුරටත් රැදී සිටි කරමින් ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ රැකියා අහිමිවූවන්ටද අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වූ අතර, එහිදී ලබන බදාදා විෂ්‍ය භාර අමාත්‍යවරයා හමුවී ගැටළුව විසදා ගැනීම සදහා එකඟතාවතක් ඇති වීමත් සමග විරෝධතාකරුවන් පිටව ගියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top