ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විධායක බලතල 51%ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Friday, 31 January 2020 - 21:32 | Views - 412
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නව ව්‍යවස්ථාවට අනුව සන්ධානයේ විධායක බලතල 51%ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් 31%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමිවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ සම්මේලනයෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන්වූ විශේෂ සම්මේලනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
Share This Article