කේරළ ගංජා කිලෝ 190ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 31 January 2020 - 21:29 | Views - 566
යාපනය මාදුගල් ප්රදේශයේදී සිදු කළ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 190ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මුලිකත්වයෙන් මෙම වැටලීම කර තිබෙනවා.
ඊට නාවික හමුදාවේද සහය ලැබී ඇති බවයි සදහන් වන්නේ.
ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා තොගය රැගෙන විත් ඇතැයි අනාවරණ වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 21ක්.
උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම කල බව උතුරු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ප්රභාත් ජයවික්රම හිරුට සඳහන් කළා.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 200ක් පමණ වන බවයි සදහන් වන්නේ.
Share This Article