හෙට සිට කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක්
Friday, 31 January 2020 - 19:21 | Views - 624

කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් හෙට (01) සිට ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා.
රට තුල අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.
එකවර මගීන් 70 කට ගමන් කළ හැකි ATR 72 වර්ගයේ ගුවන් යානයක් මේ සඳහා යොදවා තිබෙනවා.
සෑම සෙනසුරාදා, සදුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර රත්මලාන ගුවන් තොටුපොළේ සිට උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ලඟා වන්නේ පෙරවරු 8.30 ටයි.
නැවතත් පෙරවරු 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.
යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කරගනිමින් මෙම අභ්‍යන්තර ගුවන්සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.
ඒ අනුව පළමු ගුවන් යානය හෙට (01) උදෑසන පෙරවරු. 7.30ට රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ හා යාපනය අතර මෙම ගුවන් ගමන් සේවාවේදී එක් මගියෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 7500 ක්.
මෙරට අභ්‍යන්තර ගුවන් සේවා පුළුල් කිරීම රජයේ අරමුණක් වී ඇති අතර ඒ අනුව යාපනය, මඩකලපුව,මත්තල, කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ද අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇති බව සඳහන්.
Share This Article