චීනයේ වූහාන් නගරයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන එන යානය දිවයිනෙන් පිටත්ව යයි
Friday, 31 January 2020 - 19:01 | Views - 397
චීනයේ - වූහාන් නගරයේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය අද දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ හෙට දිනයේදී මෙම යානය අදාළ සිසුන් රැගෙන යළි මෙරටට ළගා වීමට නියමිත බවයි.

ඉන් අනතුරුව, එම සිසුන් නිරෝධායන කටයුතු සඳහා දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතයි.

මේ අතර, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට සම්පූර්ණ කිරීම සඳහා අද සිට විශේෂ පෝරමයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මෙතෙක් කල් එම පෝරමය චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් නිකුත් කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

එසේම, චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ 36,000 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය අද සොයා ගත්තා.

ඒ පිටකොටුව - බංගසාල වීදියේ ඖෂධ සැලකට ඒවා රැගෙන එන අවස්ථාවේ කළ වැටලීමකදීයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top