හෝන් එකෙන් සෙල්ලම් දැමූ රියදුරන්ට පොලීසිය ඉගැන්වූ අමතක නොවන පාඩම මෙන්න - Video
Friday, 31 January 2020 - 18:51 | Views - 354
කොළ වැටෙනකන් ඉවසිල්ලක් නැතුව "හෝන්" ගහලා ඉවරයි..
අලුත්ම උපකරණයෙන් සිද්ධ වෙන දේ අදහගන්නත් බෑ..
ශබ්ද දූෂණය අවම කරන්න ගහපු සුපිරිම ප්ලෑන් එකක්..
 
ශබ්ද දූෂණයට පිළියමක් ලෙස ඉන්දියාවේ "මුම්බායි" පොලීසිය විසින් හඳුන්වා දුන්නු අපූරු ක්‍රමවේදයකට මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියනවා.
 
වාහන තදබදයකදී "සංඥා පුවරු" කරදරයක් විදිහට දකින අය අපේ රටේත් නැතුවාම නොවේ. මොකද තප්පර ගණනක් වුණත් රැඳි ඉන්න අකැමැත්තෙන් ඒ අය තමන්ගේ නොඉවසිලිමත් බව ප්‍රකාශ කරන්නේ "නලා" (හෝන්) ශබ්ද කිරීමෙනුයි.
 
සංඥා පුවරුවේ කොළ වර්ණය දර්ශණය වන තුරු නොසිට "හෝන්" ශබ්ද කරන ඒ වගේ අයට මුම්බායි පොලීසිය උගන්නපු අපූරු පාඩමක් ගැනයි මේ කතාව...

සාමාන්‍ය විදිහට ඔබ මාර්ගයේ වාහනයක් ගෙන යද්දි තප්පර ගණනක කාලයක් ඔබට ලැබෙනවා රතු වර්ණයේ (Red Light) ඉඳන් කොළ වර්ණය (Green Light) වැටෙනකන්. ඒකේ තේරුම "ඔබට යන්න පුළුවන්" කියන එකයි.
 
ඉතින් ඒ කාල වේලාව තුළ නොඉවසිලිමත් ඔබ "හෝන්" ශබ්ද කරන්න පුළුවන්. එහෙම වුණොත් නම් වැඩේ වරදිනවා. මොකද ඒ දෙයින් වෙන්නෙ අර ඔබට ලැබුණු තප්පර ගණනක කාලය නැවත දීර්ඝ වෙන එකයි.
 
ඒ කියන්නේ මේ නව ක්‍රමවේදයට, එහෙම නැත්තම් උපකරණයට පුළුවන්කම ලැබෙනවා හෝන් ගහන ශබ්දය ඉහළ යාමට සාපේක්ෂව අර රැඳී සිටිය යුතු කාලය වැඩි කරන්න. (තප්පර ගණන.)
 
මෙන්න මේක තමයි "මුම්බායි" පොලීසිය ශබ්ද දූෂණය අවම කරන්නත්, රියදුරන්ව ඒ දේට හුරුපුදුරු පිරිසක් බවට පත් කරන්නත් නිර්මාණය කරපු අපූරු ක්‍රමවේදය. ඔවුන් මේ ක්‍රමවේදය හඳුන්වා දීලා තියෙන්නේ, 'The Punishment Signal'ලෙසයි.
 
මේ සම්පූර්ණ සිදුවීම් මාලාව සිදුවන ආකාරය පහත වීඩියෝවෙන් ඔබට බලන්න පුළුවන්....


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top