ලබන සඳුදා කොළඹ පාසල් 15කට නිවාඩු
Friday, 31 January 2020 - 16:15 | Views - 896
72 වැනි ජාතික නිදහස් දිනයේ අවසන් පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ පාසල් 15 කට ලබන සඳුදා දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව, කොළඹ -ඩී.එස්.සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යශෝධරා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය මෙන්ම, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල සහ විචර්ලි ජාත්‍යන්තර පාසල්වලට මෙලෙස නිවාඩු ලබා දී ඇති බවයි.
මීට අමතරව, කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය, කොළඹ - 12 මිහිඳු මහා විද්‍යාලය, කොළඹ 10 අල් හිදායා විද්‍යාලය සහ කොළඹ 10 අශෝක විද්‍යාලයට ද මෙලෙස නිවාඩු ලබාදී තිබෙනවා.
එම දිනයේ මග හැරෙන අධ්‍යයන කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසටයි පාසල් ප්‍රධානීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.
Share This Article