අද රාත්‍රියේ කුලියාපිටිය නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Friday, 31 January 2020 - 15:07 | Views - 1,309
කුලියාපිටිය - අස්වැද්දුම විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර හේතුවෙන් අද රාත්‍රියේ කුලියාපිටිය නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළා.
පෙරහර කුලියාපිටිය - කොළඹ මාර්ගය ඔස්සේ කුලියාපිටිය නගරයට පැමිණ හෙට්ටිපොල - කුලියාපිටිය මාර්ගය හරහා නැවත කොළඹ පාර ඔස්සේ විහාරස්ථානයට පිවිසීමට නියමිතයි.
ඒ හේතුවෙන් අද පස්වරු 6.30 සිට රාත්‍රී 12 දක්වා කුලියාපිටිය නගරය හරහා කොළඹ ප්‍රධාන මාර්ගය මෙන්ම, හෙට්ටිපොල මාර්ගය භාවිත කිරීම වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.
Share This Article