මට ජීවත් වෙන්න කලාව තියෙනවා- මඩ නාගත්තා කියන එක අතීතයේ ඉඳන් එන කතාවක් තමයි
Friday, 31 January 2020 - 14:56 | Views - 474
එළැඹෙන මහ මැතිවරණයට කලා ක්‍ෂේත්‍රයේ කිහිප දෙනකු එකතු වන බවට ආරංචියි. ඒ ආරංචි අතර අනුෂා දමයන්ති මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවයි දැනගන්න ලැබෙන්නේ . ඒ ගැන අනුෂා කියන්නේ මෙහෙම කතාවක්.

කලාව අතහැර එළැඹෙන මහ මැතිවරණයට සම්බන්ධ වන කතාවක් පැතිරෙනවා. ඇත්තද මේ කතාව?
කවුද ඔය බොරු කතා ගොතන්නේ. එහෙම අදහසක් නැහැ. කලාව හැමදාමත් මගේ ජීවිතය.

ඒ කියන්නේ හිතේ කොතැනකවත් නැතිද දේශපාලනයට සම්බන්ධ වෙන්න?
මම රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් 2005 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමට මැදිහත් වුණා. එදා පටන් අද දක්වා මම එතුමන් වෙනුවෙන් කටයුතු කළා. එය එතුමත් දන්නවා. මම කාලෙන් කාලෙට පැති මාරු වුණේ නැහැ.

අද දේශපාලනයට එන ගොඩ දෙනෙක් වාසි බලාගෙන තමයි කටයුතු කරන්නේ නේද?
ඒ කතාව ඇත්ත. හැබැයි මම දේශපාලනය වෙනුවෙන් මූලික වෙලා කටයුතු කළේ කිසිම නිලතල, බලයක්, වාසියක් බලාගෙන නෙවෙයි. මට ජීවත් වෙන්න කලාව තියෙනවා. ඒ මගේ වෘත්තිය. ඉතින් මට වෙනත් වෘත්තියක් මොකටද?

ඇත්තටම නරකද මහ මැතිවරණයට ඉල්ලුවොත්?
ඒ දැක්ම මගේ හිතේ නැතුවා නොවේ. නමුත් තවම එහෙම අදහසක් ආවේ නැහැ. මගේ පළාතේ විතරක් නෙවේ මුළු රටේම ජනතාව මට දුරකතන ඇමතුම්වලින් කතා කරලා කියනවා මහ මැතිවරණයට එන්න කියලා කාන්තාව වෙනුවෙන් හඬක් නඟන්න කවුරුත් නැහැ කියලා. හැමෝම මට උදවු කරනවා කියලා. මොකද ඔවුන් දන්නවා මම වැරැද්දක් නොකරන බව.

කලා ක්‍ෂේත්‍රයේ ගොඩ දෙනෙක් මහ මැතිවරණයට ඉදිරිපත්වෙලා පාර්ලිමේන්තුවට ගියා. ඒත් අවසානයේ වුණේ මඩ නාගත්ත එක විතරයි?
මඩ නාගත්තා කියන එක අතීතයේ ඉඳන් එන කතාවක් තමයි. නමුත් මම ජනතාවගෙන් ඉල්ලන්නේ හැම කලාකරුවාම එක වගේ නැහැ. ඒ නිසා එකම විදියට මනින්න එපා කියලා. නමුත් ජනතාව දැන් බුද්ධිමත්. ඔවුන්ට හොඳ දැක්මක් තියෙන එක ගැන මම සතුටු වෙනවා. මම කරපු දේවල්වල විශ්වාසයක් තිබෙන නිසා තමයි ජනතාව මට ආරාධනා කරන්නේ. මම කලා ශිල්පිනියක් නිසා රටේ ජනතාව හැමෝම ආදරෙයි. නමුත් දේශපාලන පක්‍ෂයක් තෝරාගත්තාට ඒ ආදරයේ අඩුවක් මම දකිනවා. ඒ නිසා මේ ඉන්න විදියට කලා කටයුතු කරගෙන ඉන්නවා. හැබැයි රටේ දියුණුව වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මම කටයුතු කරනවා.

දැන් පවතින දේශපාලන ක්‍රමවේදයත් එක්ක ඔබ හිතනවාද කලාවට සුබවාදී වෙයි කියලා?
අනිවාර්යයෙන්ම එය මම විශ්වාස කරනවා. මේ ගෙවුණු දින කිහිපය තුළ කලාවට විතරක් නෙවේ රටම දියුණුවෙන වෙනස් වන බවක් මම දකිනවා. එය ජනතාවත් විශ්වාස කරාවි. අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පවා කලාවට ගොඩාක් ළැදි කෙනෙක්. ඒ නිසා අපේ වෘත්තියටත් හොඳ සාධාරණයක් කරාවි ඉදිරියේදී.

මේ දවස්වල නිර්මාණ වැඩකටයුතු කොහොමද?
රොෂාන් වීරසිංහගේ නාට්‍යකට සම්බන්ධ වුනා. මම නිරූපණය කළ චරිත අතර වෙනස්ම චරිතයක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වෙයි.

වසන්ත විතාරණගේ
මව්රට
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top