අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ අස්ථි කොටස් කිහිපයක් වැසිකිිලි වලක
Friday, 31 January 2020 - 14:18 | Views - 433
තෙල්දෙණිය - රන්දෙණිගල ප්‍රදේශයේදී මීට වසර 6 කට පෙර අභිරහස් ලෙස ඝාතනය කර වැසිකිලිවලකට දමා තිබූ කාන්තාවකගේ අස්ථි කොටස් කිහිපයක් අද උදෑසන ගොඩගනු ලැබුවා.
ඒ තෙල්දෙණිය පොලීසියට ලද තොරතුරකට අනුවයි.
තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේ මෙම අස්ථි කොටස් ගොඩගනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article