පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණියක්, නව මසකට පසු ජීවිතක්ෂයට
Friday, 31 January 2020 - 12:56 | Views - 590
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව මාස 9ක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී මිය ගොස් තිබෙනවා.

26 හැවිරිදි නෙරීන් ෆ්ලොරිඞ් නැමති අවිවාහක මෙම තරුණිය යාපනයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය ත්‍රස්ත ප්‍රහාරයට ලක්වුණේ පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා පැමිණ සිටියදියි.

සුපිරි වෙළඳසැලක සේවය සඳහා ඇය කොටහේන ප්‍රදේශයට පැමිණි පසු එම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි බව සඳහන්.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම තරුණියගේ දෑස්වලට ද හානි සිදුවූ අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මීට දින කිහිපයකට පෙර උතුරු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කර යැවුණේ විකලාංග ප්‍රතිකාර සඳහායි.

එහිදී ඇය පෙරේදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වූ බවයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ පවුල්වල සුහසාධන කටයුතු සිදුකරන කොළඹ අගරදගුරු පදවිය මගින් පාලනය වන සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම තරුණිය මිය යාමත් සමඟ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මිය ගිය මුළු සංඛ්‍යාව 260ක්. සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරයට ලක්ව තවත් කිහිප දෙනෙකු තවමත් බරපතල තත්ත්වයෙන් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top