චීනයේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට
Friday, 31 January 2020 - 11:25 | Views - 338
උසස් අධ්‍යාපන කටයුතු සඳහා චීනයට ගොස් සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සහ අද අලුයම මෙම පිරිස දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසයේ කේන්ද්‍රය වූ වූහාන් නගරය ඇතුළත් හුබෙයි ප්‍රාන්තයේ වැසියන් විදේශයන් හි සිට නැවත ගෙන්වා ගැනීමට චීන රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හැකි ඉක්මනින් ඔවුන් නැවතත් සිය රට ගෙන්වීම සඳහා කුලී ගුවන් යානා පිටත් කර හැරීමට කටයුතු කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
හුබෙයි ප්‍රාන්තයේ, විශේෂයෙන් වූහාන් නගරයේ වැසියන් විදේශයන් හිදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියේ.
කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වීමත් සමඟ විදේශීය ගුවන් සේවා රැසක් චීනය වෙත ගුවන් ගමන් අත්හිටුවීම සහ සීමා කිරීම මෙලෙස කුලී ගුවන් යානා මේ සඳහා යොදා ගැනීමට හේතුවයි.
Share This Article