චීනයේ සංචාර නොකරන්න - ඇමරිකාව පුරවැසියන්ට කියයි
Friday, 31 January 2020 - 11:21 | Views - 312
කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ වූහාන් නගරය ඇතුළත් හුබෙයි ප්‍රාන්තයේ පමණක් නොව සමස්තයක් ලෙස චීනයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කළා.

එම සංචාර අවදානම රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉහළම අවදානම් නියෝගයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුවයි ඇමරිකාව මෙලෙස චීනයේ සංචාර අවදානම ඉහළ නැංවූයේ.

මේ වන විට කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

සිංගප්පූරුවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් තුන් දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව එහි මුළු ආසාදිත සංඛ්‍යාව 13 දක්වා ඉහළ යනවා.

මේ අතර, ව්‍යාජ නිෂ්පාදිත දිනයක් සඳහන් ව්‍යාජ මුහුණු ආවරණ 68,000ක් හොංකොං හි ඖෂධ ශාලාවකින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

මුහුණු ආවරණ 50 බැගින් වූ එම ඇසුරුම් අලෙවි කර ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6500ක පමණ මුදලකටයි.

එමෙන්ම, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ එහි මුහුණු ආවරණ හිඟයක් ද පවතින බව වාර්තා වනවා.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ  එරට මුළු ආසාදිත සංඛ්‍යාව 9692ක් වන බවයි.

එය පෙර දිනට වඩා 1982ක වැඩිවීමක්.

ගෝලීය වශයෙන් මුළු ආසාදිත සංඛ්‍යාව 9821ක් ලෙසයි සටහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top