ඇමරිකාවේත් කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීම තහවුරු වෙයි
Friday, 31 January 2020 - 10:48 | Views - 611
කොරෝනා වෛරසය පුද්ගලයින් අතර සම්ප්‍රේරෂණය වීම ඇමරිකාවෙන් ප්‍රථම වරට වාර්තා වී තිබෙනවා.
ඒ, ඉලිනොයි ප්‍රාන්තයේ කාන්තාවකගෙන් ඇයගේ සැමියාට වෛරසය සම්ප්‍රේෂණය වීමෙන්.
චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, පසුව ඇගේ සැමියාට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔහු චීනයේ සංචාරය නොකළ පුද්ගලයෙකු බවයි ඇමරිකානු වෛද්‍ය අංශ ප්‍රකාශ කළේ.
රෝග ලක්ෂණ තිබියදී ඇය සැමියාට සමීපව සිටීම හේතුවෙන් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.
මේ වන විට චීනය ඇතුළු ලෝකයේ රටවල් 19 කින් කොරෝනා ආසාදිතයන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
Share This Article