වූහාන් නගරයෙන් ඉන්දියානුවන් රැගෙන ඒමට අද ගුවන් යානයක් නික්මෙයි
Friday, 31 January 2020 - 10:47 | Views - 383
චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිරවී සිටින ඉන්දියානුවන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් අද නවදිල්ලියෙන් නික්මෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

බෝයිං 747 වර්ගයේ මෙම යානය මුම්බායි සිට ගමන් අරඹා දිල්ලියේ සුළු මොහොතක් නතර කොට පැය 6ක පියාසර කිරීමකින් පසු වූහාන් වෙත ළඟාවීමට නියමිත බව සඳහන්.

කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ වූහාන් නගරයේ ඉන්දියානුවන් 325 දෙනෙකු පමණ සිර වී සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් රැගෙන ඒමට යන ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ඇතුළත් වන අතර, කොරෝනා වෛරසය ආසාදනය නොවූ පුද්ගලයන් පමණක් ගුවන් යානයට ඇතුළත් කර ගනු ලබන බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මුහුණු ආවරණ සහ අත් ආවරණ සහ ඖෂධ වර්ග ද මෙම ගුවන් යානයේ රැගෙන යනු ලබන අතර, කාර්ය මණ්ඩලය සහ මගීන් අතර අවම සබඳතාවක් පවත්වා ගැනීමට කටයුතු කෙරෙනවා.

ඒ සඳහා ආහාර පාර්සල් සහ ජල බෝතල් ආසන මතම තබනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top