ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
Friday, 31 January 2020 - 9:44 | Views - 407

ජාතික දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව, ගාලූපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහන ලිබර්ටි වටරවුම ඔස්සේ පිත්තල හන්දිය දක්වාත්, ලිප්ටන් වටරවුම ඔස්සේ වෝඞ් පෙදෙස, යූනියන් පෙදෙස සහ ඞීන්ස් පාරට ඇතුළු විය හැකියි.
හැව්ලොක් මාර්ගයේ පැමිණෙන රථ වාහන තුන්මුල්ල දෙසින් තර්ස්ටන් පාර, පිත්තල හන්දිය ඔස්සේ ධර්මපාල මාවතට ඇතුළු විය හැකියි.එමෙන්ම යූනියන් පෙදෙස සහ ඞීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථ වාහන බොරැල්ල දෙසට ධාවනය වීම සඳහා වෝඞ් පෙදෙස භාවිත කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථ වාහන බොරැල්ල කනත්ත වට රවුම දෙසින් පිටව යා හැකියි.
අද සිට ක්‍රියාත්මක කෙරෙන මෙම රථ වාහන සැලැස්ම හෙට උදෑසන 8.30 සිට පස්වරු 1 දක්වාත්, පෙබරවාරි 1 වන දා උදෑසන 6 සිට දහවල් 12 දක්වාත්, පෙබරවාරි 2 වන දා පෙරවරු 6 සිට දහවල් 1 දක්වාත්, 3 වන දා පෙරවරු 8.30 සිට පස්වරු 1 දක්වාත් ක්‍රියාත්මක වනු ඇති.
නිදහස් සමරු උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 වන දා අලුයම 4 සිට දහවල් 1 දක්වා එය ක්‍රියාත්මකයි.
Share This Article