පොලිස් මෙහෙයුමක් අතරතුර, වරෙන්තුකරුවෙකු ගෙල වැළලා ගනී
Friday, 31 January 2020 - 8:31 | Views - 474
ඉපලෝගම - සෙට්ටිකුලම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙම සැකකරු 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි විවාහක පුද්ගලයෙක්.
ඔහු ප්‍රදේශයේ සොරකම් කිරීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article