පළමු බිරිය ඝාතනය කර දෙවන බිරියගේ දෑත කැපූ නරුම සැමියා
Friday, 31 January 2020 - 8:30 | Views - 1,058
බළන්ගොඩ ගැටඅරළුව ප‍්‍රදේශයේ පුද්ගලයකු විසින් සිය බිරිඳගේ දෑත් තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කර ඇත. මෙම කාන්තාව බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
 මෙම සැකකාර සැමියා සිය පළමු බිරිය ද ඝාතනය කර ඊට අධිකරණයෙන් දඬුවම් ලැබූ අයකු බව ද පැවසේ. සැකකරු පෙරේදා (29 දා* බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
 
 බළන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ පො. සැ. (30038) පේ‍්‍රමසිරි, පො කො. (39448) නුවන්, පො. සැ. (32186) ආරියරත්න යන මහත්වරු පරීක්‍ෂණ සිදු කරති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top