සොහොයුරා පෙම්වතාට පහර දුන් නිසා පෙම්වතා සමග 14 හැවිරිදි දැරිය පැනගිහින්
Friday, 31 January 2020 - 8:18 | Views - 1,043
14 හැවිරිදි බාලවයස්කාර සිසුවියක් සමග පෙම් බැඳ පසුව එම සිසුවිය දෙමාපියන් භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් වේවැල්දෙනිය ප්‍රදේශයේ තම මිතුරකුගේ මිත්තනියගේ නිවසේ රඳවා තැබූ 17 හැවිරිදි පෙම්වතා සහ රැඳී සිටි 14 හැවිරිදි සිසුවිය රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළාය.
මෙලෙස ඇප නියම වූ බාල වයස්කාර පෙම් යුවළට එරෙහිව කටුනායක පොලිසිය විසින් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් පරිදි බාල වයස්කාර සිසුවිය 17 හැවිරිදි පෙම්වතා සමග පලා යැමට මූලික වී ඇත්තේ සිසුවියගේ වැඩිමල් සොහොයුරා විසින් සිසුවියගේ පෙම්වතාට පහරදීමය. පලාගොස් සැඟව සිටි එම පෙම් යුවළ පිළිබඳ ඔවුන් රැකවරණ ලැබූ නිවසේ මිත්තනිය විසින් කළ දැනුම්දීමක් මත පොලිසිය විසින් එම යුවළ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබිණි. කටුනායක පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ සම්පත් දිසානායක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය පැවැත්වේ.
Share This Article