කොරෝනා වෛරසය, ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරයි - මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළට - ආසාදිතයින් 9000ක්
Friday, 31 January 2020 - 8:03 | Views - 1,148
චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, චීනයෙන් පිටතට වෛරසය ආසාදනය වීම පැතිරීමත් සමඟයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් කියා සිටියේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට ලෝක ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම, වෛරසය දුර්වල සෞඛ්‍යාරක්ෂක පද්ධති පවතින රටවලට පැමිණීමෙන් සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි චීනයට අමතරව තවත් රටවල් 17ක කොරෝනා වෛරස් ආසාදිතයන් 98 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් නගරයේ සිට පැමිණි අයයි.

එමෙන්ම, කොරෝනා වෛරස් ආසාදනයෙන් නියුමෝනියා තත්ත්වයක් ඇති වී මිය ගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 9000 ඉක්ම වනවා.

ඉන් බහුතරයක් වාර්තා වන්නේ චීනයෙන්.

මේ අතර, කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතික යුවලක් රැගත් නෞකාවක් මගීන් 6000 ක් සමඟ උතුරු රෝමයේ - සිවිතාවෙච්චියා හි රඳවාගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය ජනවාරි 25 වැනිදා ඉතාලියේ සැවෝනා වරායෙන් නැව්ගත වූ මෙම චීන ජාතික යුවලට උණ සහ ශ්වසන අපහසුතා යන රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳව තහවුරු කෙරෙන පරීක්ෂණ සිදුකෙරෙන තෙක් නෞකාවේ සිටින මගීන් 6000 ක පමණ පිරිස රඳවා තබා ගැනීමටයි නෞකා සමාගම තීරණය කර ඇත්තේ.

අදාළ නෞකාව උතුරු රෝමයට ළඟාවීමට පෙර ප්‍රංශයේ - මාසෙයි, ස්පාඤ්ඤයේ - බාසිලෝනා ඇතුළු රටවල් කිහිපයක මෙම සතියේදී සංචාරය කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් නවතම වාර්තා සඳහන් කළේ අදාළ 54 හැවිරිදි චීන කාන්තාවට වැළදී ඇත්තේ කොරෝනා වෛරසය නොව සාමාන්‍ය ප්‍රතිශ්‍යාව බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව නෞකාවේ සිටි 6000 ඉක්ම වූ පිරිසට ඉන් ගොඩබැසීමට ඉතාලි බලධාරීන් අවසර ලබාදී ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top