තවත් වනජීවි නිලධාරියෙකු වන අලි මෙහෙයුමකදී මරුට
Friday, 31 January 2020 - 8:01 | Views - 651
තඹුත්තේගම - කුඩා ගල් විහාරය ප්‍රදේශයේ මෙහෙයුමක් අතරතුර වන අලියෙකුගේ පහරකෑමට ලක්ව වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.

පසුගිය 25 වැනිදා සිට එම ප්‍රදේශයේ වන අලි මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී නිර්වින්දනය කළ වන අලියෙකුට පත්තුවක් බැඳීමට ගිය අවස්ථාවේදී එක්වරම එම අලියා සිදුකළ පහරදීමෙන් මෙම නිලධාරීයා මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් අනතුරුව වනජීවි නිලධාරියාගේ සිරුර තඹුත්තේගම රෝහලට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද මාතලේ ප්‍රදේශයේදී වන අලි මෙහෙයුමක් අතරතුරදී වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වූවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top