තවත් වනජීවි නිලධාරියෙකු වන අලි මෙහෙයුමකදී මරුට
Friday, 31 January 2020 - 8:01 | Views - 652
තඹුත්තේගම - කුඩා ගල් විහාරය ප්රදේශයේ මෙහෙයුමක් අතරතුර වන අලියෙකුගේ පහරකෑමට ලක්ව වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.
පසුගිය 25 වැනිදා සිට එම ප්රදේශයේ වන අලි මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී නිර්වින්දනය කළ වන අලියෙකුට පත්තුවක් බැඳීමට ගිය අවස්ථාවේදී එක්වරම එම අලියා සිදුකළ පහරදීමෙන් මෙම නිලධාරීයා මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් අනතුරුව වනජීවි නිලධාරියාගේ සිරුර තඹුත්තේගම රෝහලට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද මාතලේ ප්රදේශයේදී වන අලි මෙහෙයුමක් අතරතුරදී වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වූවා.
Share This Article