කොරෝනා වෛරස ආසාදිත බවට සැක සහිත රෝගීන් 17ක් IDH රෝහලේ
Thursday, 30 January 2020 - 21:50 | Views - 913
ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා වෛරස ආසාදිත රෝගියා වන 43 හැවිරිදි චීන ජාතික කාන්තාව තවදුරටත් රඳවාගෙන ප්‍රතිකාර කිරීමට ජාතික බෝවන රෝග විද්‍යායතනය තීරණය කර තිබෙනවා.
මේ වනවිට එම චීන ජාතික කාන්තාවගේ රෝගී තත්ත්වය සුව අතට හැරී ඇති නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස රෝහලේ රඳවා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
එමෙන්ම, වෛරසය ආසදනය වූ බවට සැකකරන තවත් රෝගීන් 17 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ගත වූ පැය 24 තුළ අයි.ඩී.එච් උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබා තවත් රෝගීන් 5 දෙනෙකු පිටතට ගොස් ඇති බව ද එම අමාත්‍යාංශය කියා සිටියා.
කොරෝනා වෛරසය වැළඳුණු චීන ජාතික කාන්තාව නේවාසිකව සිටීම හේතුවෙන් අයි.ඩී.එච් රෝහලේ බාහිර රෝගී අංශයට ද රෝගීන් පැමිණිමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, සුළු සේවකයින් රාජකාරියට වාර්තා නොකරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ නියමිත පරිදි ගැටලූවකින් තොරව ඔවුන් සේවයට පැමිණි බවයි.
Share This Article