කොරෝනා වෛරසය ගුවන්තොටුපල හරහා රට තුළට පැමිණීම වළක්වා ඇතැයි එහි බලධාරින් කියයි
Thursday, 30 January 2020 - 16:20 | Views - 597
කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ප්‍රකාශ කළා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය 26 වනදා සිට මගීන් 4028 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයින් බවයි.
ඔවුන්ට වෙනම පිටවීමේ ප්‍රදේශයක් වෙන් කර ඇති අතර,ස්කෑනර් යන්ත්‍ර දෙකක් යොදවා එම චීන ජාතිකයින්ට වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම කරන බව ද සභාපතිවරයා සඳහන් කළා.
පසුගිය දින කිහිපය තුළ එලෙස සැක කටයුතු රෝගීන් 4 දෙනෙකු හමුවූ නමුත්, ඔවුන්ට ද වෛරසය වැළදී නොමැති බවට පසුව තහවුරු වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ඉන්දියාවේ පළමු කොරෝනා වෛරස ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
කේරළ වැසියෙකු වන ඔහු චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
Share This Article