කොරෝනා වෛරසය ගුවන්තොටුපල හරහා රට තුළට පැමිණීම වළක්වා ඇතැයි එහි බලධාරින් කියයි
Thursday, 30 January 2020 - 16:20 | Views - 598
කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ප්‍රකාශ කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය 26 වනදා සිට මගීන් 4028 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයින් බවයි.

ඔවුන්ට වෙනම පිටවීමේ ප්‍රදේශයක් වෙන් කර ඇති අතර,ස්කෑනර් යන්ත්‍ර දෙකක් යොදවා එම චීන ජාතිකයින්ට වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම කරන බව ද සභාපතිවරයා සඳහන් කළා.

පසුගිය දින කිහිපය තුළ එලෙස සැක කටයුතු රෝගීන් 4 දෙනෙකු හමුවූ නමුත්, ඔවුන්ට ද වෛරසය වැළදී නොමැති බවට පසුව තහවුරු වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඉන්දියාවේ පළමු කොරෝනා වෛරස ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

කේරළ වැසියෙකු වන ඔහු චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top