ගණිකා සේවයට කාන්තාවන් රට පටවන මිනිස් ජාවාරමක්
Thursday, 30 January 2020 - 15:48 | Views - 1,016
මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා සේවයේ යොදවන ජාවාරමක තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.
 
තරුණ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුවෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

තරුණියන් විදේශගත කිරීමේදී ඔවුන්ට සැබෑ තත්ත්වය වසන් කොට කාර්යාලයීය සේවයට හා ගෘහ සේවයට ඔවුන් යොමු කරන බව පැවැසුවද ඇත්ත වශයෙන්ම ඔවුන් මාස තුනක කාලයක් සඳහා ලිංගික සේවයට යොමු කිරීමක් මෙහිදී සිදුවනවා.
 
එම කාන්තාවන්ට ශාරීරික වශයෙන් බරපතළ හිංසා සිදුකර ඇති බව සඳහන්.
 
ඉන්දියාවේ සංචාරයක් සඳහා යන මුවාවෙන් වීසා ලබාගෙන ගුවන් තොටුපොළට ඇතුළු වෙන ජාවාරම්කරුවෝ කලින් මැදපෙරදිග රටවල් සඳහා ලබාගත් වීසා තෝරාගත් කාන්තාවන්ට ලබා දෙනු ලබනවා.
 
මේ ආකාරයට ගුවන් තොටුපොළේ සේවය කරන පිරිසක් වෙතින් ලබාගෙන මැදපෙරදිග රටවලට තරුණ කාන්තාවන් යවා ඇත්තේ සංචාරක වීසාවලිනුයි.
 
මෙසේ කූට අන්දමින් මිනිස් ජාවාරමේ යෙදෙන තැරැව්කරුවන්ට හසුවූ කාන්තාවන් 80ක් පමණ ඕමාන්වලද, 50ක් පමණ ඩුබායිවලද සිටින බවට වාර්තා වනවා.
 
මේ ආකාරයට මැදපෙරදිගට යවන එක් කාන්තාවක් වෙනුවෙන් තැරැව්කරුවකුට රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදලක්ද ගෙවන බවට තොරතුරු ලැබී තිබෙනවා.
 
මේ මිනිස් ජාවාරම පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමඟ අදාළ අංශ වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වර්තා වන්නේ.
 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
මව්බිම
 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top