ශ්‍රී ලංකාවට නොපැමිණෙන ලෙස හුබෙයි පළාත් වැසියන්ට චීනයෙන් දැනුම්දීමක්
Thursday, 30 January 2020 - 15:30 | Views - 2,594
නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පලාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ් චීන අලූත් අවුරුදු උළෙලින් පසු චීන ජාතිකයින් පැමිණීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට බියවීමට හේතුවක් නොමැති බව විශ්වාස කරන බවයි.
වූහාන් නගරය වෙත ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව නවතා ඇති අතර එහි වෙසෙන ජනතාවට, ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල් කරා ගමන් කිරීමට ඉඩක් නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම, වෙනත් පළාත්වලින් සහ නගරවලින් චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට මෙරටට පැමිණ අවම වශයෙන් දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කරන ලෙස ද දැනුම්දී ඇති බව එහි සඳහන්.
Share This Article