සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩලය වර්ජනය කරයි - අජිත් පී, රෝසි, ෆොන්සේකා සහ ඉමිතියාස් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට
Thursday, 30 January 2020 - 14:04 | Views - 464
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.
ඊට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව වර්ජනය කිරීමේ තීරණයක් ගෙන ඇති බවයි විපක්ෂ නායකවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කළේ.
Share This Article