එක්සත් ජාතික පක්ෂයෙන් තමන් ඉවත් කළ බවට දැනුම්දීමක් නැහැ
Thursday, 30 January 2020 - 13:54 | Views - 442
තමන් සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් මේ වනතෙක් පක්ෂයෙන් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එක්සත් ජාතික පක්ෂයේ සාමුහික විනය කඩ කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාතික පුවත්පත් කිහිපයකද අද ප්රවෘත්ති පළකර තිබුණා.
Share This Article