ඇමෙරිකාවට හොරෙන් භාණ්ඩ ගෙනගිය දිගම උමං සොයාගනී
Thursday, 30 January 2020 - 13:31 | Views - 1,720

නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙනයෑම සඳහා යොදාගනු ලැබූ මෙතෙක් හමුවූ දිගම උමං මාර්ගය මෙක්සිකෝ දේශ සීමාවෙන් සොයාගත් බව ඇමරිකානු නිලධාරීහු පවසති. 

අඩි 4309ක් දිග මෙම උමං මාර්ගයේ දුම්රිය මාර්ගයක්, ජලනල පද්ධතියක්, වායු පද්ධතියක්, අධි වොල්ටීයතා විදුලි රැහැන් සහ උමං මඟ දිගේ විහිදෙන සෝපානයක් සකස් කර ඇත.

උමගේ සාමාන්‍ය ගැඹුර අඩි 70ක් වන අතර උස අඩි 5.5ක් සහ පළල අඩි දෙකක් වන බව ඇමරිකානු රේගු හා දේශසීමා ආරක්ෂණ ආයතනය පවසයි. වැඩ නිම නොකළ අතුරු මාර්ගයක් ද උමගේ තිබී හමුවී ඇත.

මෙම උමං මාර්ගය මෙක්සිකොවේ කර්මාන්ත පුරයක් වන ටිජුවානා සිට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියාගෝ ප්‍රදේශය සම්බන්ධ කරමින් විහිදේ.

සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් මත්ද්‍රව්‍ය කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවත් බලධාරීහු පවසති.

තොරතුරු අනාවරණය වීමෙන් පසුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ‍මෙම උමඟ සම්බන්ධව විමර්ශන සිදුකළ බව ද ඔවුහු පවසති.

මෙක්සිකෝ කැලිෆෝනියා දේශ සීමාවේ මෙවන් නවීන උමං දුසිමකට වඩා සොයාගෙන ඇති අතර අඩි 2966ක් දිග උමගක් ද 2014 වසරේදී සොයාගෙන තිබිණි.

ලෝකයේ විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් වන මෙක්සිකෝවේ සිනාලෝවා කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රදේශයේ ය. එම සංවිධානයේ නිර්මාතෘ හා දිගු කාලීන නායක එල් චැපෝ ඇමරිකාවේ බන්ධනාගාරයක ජීවිතාන්නය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියි.

(බීබීසී ඇසුරිණි - 085)

 ලංකාදීප පුවත්පත 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top