නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙනයෑම සඳහා යොදාගනු ලැබූ මෙතෙක් හමුවූ දිගම උමං මාර්ගය මෙක්සිකෝ දේශ සීමාවෙන් සොයාගත් බව ඇමරිකානු නිලධාරීහු පවසති.
අඩි 4309ක් දිග මෙම උමං මාර්ගයේ දුම්රිය මාර්ගයක්, ජලනල පද්ධතියක්, වායු පද්ධතියක්, අධි වොල්ටීයතා විදුලි රැහැන් සහ උමං මඟ දිගේ විහිදෙන සෝපානයක් සකස් කර ඇත.
උමගේ සාමාන්‍ය ගැඹුර අඩි 70ක් වන අතර උස අඩි 5.5ක් සහ පළල අඩි දෙකක් වන බව ඇමරිකානු රේගු හා දේශසීමා ආරක්ෂණ ආයතනය පවසයි. වැඩ නිම නොකළ අතුරු මාර්ගයක් ද උමගේ තිබී හමුවී ඇත.
මෙම උමං මාර්ගය මෙක්සිකොවේ කර්මාන්ත පුරයක් වන ටිජුවානා සිට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියාගෝ ප්‍රදේශය සම්බන්ධ කරමින් විහිදේ.
සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් මත්ද්‍රව්‍ය කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවත් බලධාරීහු පවසති.
තොරතුරු අනාවරණය වීමෙන් පසුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙම උමඟ සම්බන්ධව විමර්ශන සිදුකළ බව ද ඔවුහු පවසති.
මෙක්සිකෝ කැලිෆෝනියා දේශ සීමාවේ මෙවන් නවීන උමං දුසිමකට වඩා සොයාගෙන ඇති අතර අඩි 2966ක් දිග උමගක් ද 2014 වසරේදී සොයාගෙන තිබිණි.
ලෝකයේ විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් වන මෙක්සිකෝවේ සිනාලෝවා කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රදේශයේ ය. එම සංවිධානයේ නිර්මාතෘ හා දිගු කාලීන නායක එල් චැපෝ ඇමරිකාවේ බන්ධනාගාරයක ජීවිතාන්නය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියි.
(බීබීසී ඇසුරිණි - 085)
ලංකාදීප පුවත්පත
84 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
39 Views