කොළඹ වැසියන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න දේශීය ඖෂධයක්
Thursday, 30 January 2020 - 12:56 | Views - 1,273

අංගොඩ - අයි.ඞී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායාතනයේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව තවදුරටත් රදවාගෙන ප්‍රතිකාර සිදුකිරීමට අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.
මේ වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරි ඇති නමුත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කිරීම සදහා මෙලෙස රෝහලේ රදවා තබා ගැනීමට කටයුතු කරන බවයි.
එම කාන්තාවට අමතරව, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයන් 8 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ගන්නා බවද, වෛද්‍යවරයා සදහන් කළා.
ඊයේ රාත්‍රියේ චීන ජාතිකයන් කිහිපදෙනෙකු සහ රුසියානු ජාතිකයෙකු ප්‍රතිකාර ලබාගැනීමට ජාතික බෝවන රෝග විද්‍යායාතනයට ඇතුළත්වී තිබූ අතර, රුසියානු ජාතිකයා අද උදෑසන ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය වැළදුණු චීන ජාතික කාන්තාව එහි ප්‍රතිකාර ලැබීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයටද මේ වනවිට රෝගීන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද වාර්තාවනවා.
කෙසේ වෙතත් සුළු සේවකයින් රාජකාරියට වාර්තා නොකරන බවට ජාතික පුවත්පතක අද පළ වාර්තාව අසත්‍ය බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කළේ.
නියමිත පරිදි සුළු සේවකයින් සේවයට වාර්තා කර ඇති බව ද, ඔහු කියා සිටියා.
මේ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදින්ගේ විද්වත් ආයතනය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ කොරෝනා වැනි ඉහළ අවදානම් සහිත රෝග කාරකයන්ගෙන් සමන්විත නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්මිතයන්ට අදාළ රසායනාගාරයක් ශ්‍රී ලංකාව තුළ කඩිනමින් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින්.
එහි සභාපති රවී කුමුදේශ් අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවැනි රසායනාගාරයක් නොමැති නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වරින්වර අනාරක්ෂිත තත්ත්වයට පත්වන අතර, එමඟින් සෞඛ්‍ය සේවාවටද බරපතල විවේචන එල්ලවන බවයි.
මේ අතර පසුගිය දින 4 තුළ චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ පස්වරු හතරේ සිට අද උදෑසන දක්වා ගුවන් යානා 5 කින් එරට සිට මෙරටට පුද්ගලයින් 281 දෙනෙකු පැමිණි බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරියා සඳහන් කළේ.
මේ අතර, චීනයේ - වූහාන් නගරයේ රැදී සිටින සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් සහ චීනයේ සිට මෙරටට පැමිණි සිසුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අද ලිපියක් භාර දුන්නා.
ඔවුන් එමගින් සදහන් කර ඇත්තේ වූහාන් නගරයේ සිරවී සිටින සිසුන් කඩිනමින් දිවයිනට රැගෙන ඒමට මැදිහත් වන ලෙසටයි.
මේ අතර, රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර දැනට ආචාර්ය උපාධිය හැදෑරීම සදහා වූහාන් නගරයට ගොස් සිටින ප්‍රගීත් රොෂාන් වීරතුංග හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ තමන් ඇතුළු පිරිසට තාතාපති කාර්යාල මට්ටමේ පහසුකම් සලසා නොමැති බවයි.
මේ අතර මාරාන්තික නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටින බවයි වාර්තාවන්නේ.
ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවෙන දේශීය ඖෂධ වට්ටෝරුවක් කොළඹ නගරවාසීන්ට ලබාදීමට කොළඹ මහනගර සභාවේ ස්වදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
නොමිලේ මෙම ඖෂධ වට්ටෝරුව හෙට සිට කොළඹ මහ නගර සීමාවේ පිහිටි දේශීය ඖෂධ සැල් විස්සකින් ලබාගත හැකි බවයි එහි ප්‍රධානී වෛද්‍ය එම්.ජේ. මාරසිංහ කියා සිටියේ.
Share This Article