චීනයේ සෑම ප්‍රාන්තයකටම කොරෝනා පැතිරෙයි
Thursday, 30 January 2020 - 12:54 | Views - 2,342
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදිතයන් චීනයේ සෑම ප්‍රාන්තයකින්ම මේ වනවිට වාර්තා වෙමින් පවතින බව එරට මාධ්‍ය අද වාර්තා කළා.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ 170 දෙනෙකු මියගොස් තවත් 7711 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කොරෝනා බවට සැක කෙරෙන තවත් 12,167 ක් දෙනෙකුද රෝහල්ගතව සිටින බවද චීන මාධ්‍ය වාර්තා කර තිබුණා.

රටවල් 21 කින් කොරෝනා ආසාදිතයින් මේ වනවිට වාර්තා වී ඇති අතර, ඒ අතරට අද එක්වූ නවතම රට වූයේ පින්ලන්තයයි.

වූහාන් ප්‍රාන්තයේ සිට පින්ලන්තයේ සංචාරය කිරීම සඳහා දින 05 කට පෙර පැමිණි 32 හැවිරිදි චීන ජාතික කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම චීනයේ අසල්වැසි රාජ්‍යයක් වන ටිබෙටයෙන්ද පළමුවරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තාවී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වසංගතයේ තිඹිරි ගෙය වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිට ජපානය සිය රටට ගෙන්වාගත් වැසියන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ජපාන වැසියන් 206 දෙනෙකු මෙලෙස වූහාන් නගරයේ සිට ජපානය සිය රට ගෙන්වා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හිස් වැසුම්, ජල බෝතල් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව වාර්තා වනවා. කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ චීනයේ මේ වනවිට ආරක්ෂිත මුහුණු ආවරණ හිඟයක් මතුවීම හේතුවෙනුයි මෙම පියවරයන් ගෙන ඇත්තේ.

මුහුණු ආවරණ නිෂ්පාදන ඉල්ලූමට අනුව සැපයුම ලබාදීමට නොහැකි වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම තත්ත්වය හමුවේ කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයන් දැවැන්ත උත්සහයක යෙදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.  

ෂැංහයි සිට  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගමන් කළ ගුවන් යානයක සිටි චීන ජාතික යුවළක් ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීම ඊට එක් නිදසුනක් ලෙස දැක්විය හැකියි.

මේ අතර, ඉන්දියාවේ මදුරෙයි නගරයේ මුහුණු ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලාවල සේවකයින් අතිකාල සිදුකරමින් චීනයට අවශ්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන කටයුතු මේ වනවිට සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

එමෙන්ම, ලොව සුප්‍රකට ගූගල් සමාගම චීනය, හොංකොං සහ තායිවානයේ පිහිටි සිය කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විකුණුම් සහ ඉංජිනේරු යන අංශයන් මුල් කර ගනිමින් මෙම රටවල ගූගල් සමාගමේ කාර්යාල පිහිටුවා තිබෙනවා.

මේ අතර ආසියාවේ සිට කිසිදු පුද්ගලයෙකුට තම රටට ඇතුල්වීමට අවසර නොදීමට පැපුවා නිව්ගිනියා රාජ්‍ය තීරණය කර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් එම රජය සඳහන් කළේ ආසියානු ජාතිකයින් රැගත් කිසිදු ගුවන් යානයකට හෝ මගී නෞකාවකට තම රටට ඇතුල් වීමට අවසර නොදී යළි හරවා යැවීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම පැපුවා නිව්ගිනියාව සිය ඉන්දුනීසියානු දේශ සිමාවද වසා දමා තිබෙනවා.

ආසියානු රටක සංචාරය කොට යළි පැමිණෙන සිය පුරවැසියන්ව දැඩි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම අනිවාර්ය බවයි පැපුවා නිව්ගිනියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම, පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙනවා.

එහිදී මාරාන්තිකම කොරෝනා වෛරසය පැතිරයාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපොලද පහත වැටී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ චීනයේ ආර්ථිකය කඩාවැටීමකට ලක්වනු ඇති බවයි.



 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top