අතුරුදන් වූ මෙක්සිකානු පරිසර ක්‍රියාකාරියාගේ මළ සිරුරු හමුවෙයි
Thursday, 30 January 2020 - 11:40 | Views - 569
අතුරුදන් වී සති දෙකකට පසු මධ්‍යම මෙක්සිකෝවේ ළිඳක තිබී සුප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව බලධාරීහු පවසති.

50 හැවිරිදි හෝමෙරෝ ගෝමස්, අපරාධ කල්ලිවලට කුප්‍රකට කලාපයක් වන මිකොආකාන් ප්‍රාන්තයේ ඔකාම්පෝ නගරයේ සමනල අභය භූමියක් ආරක්ෂා කරගෙන කටයුතු කළ අයෙකි.

ඔහුගේ සිරුර අවසන් වරට දක්නට ලැබුණු ස්ථානය අසල ප්‍රචණ්ඩකාරී කිසිදු සලකුණක් නොතිබුණත්, ඔහු මරා දමන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

නීතිවිරෝධී දැව කැපීමට එරෙහි සටන කළ නිසා ගෝමස් ඉලක්ක කර ගන්නට ඇතැයි බියක් ඇති බව සෙසු පරිසර සංවිධාන මීට පෙර පවසා තිබුණි. ප්‍රදේශයේ අපරාධ කල්ලි සම්බන්ධව හඬක් නැගූ අයෙකු ලෙසද ඔහු සැලකෙයි.

ගෝමස් අවසන් වරට දැක තිබුණේ පසුගිය ජනවාරි 13 වැනි දින දහවල් එල් සොල්දාඩෝ ගම්මානයේ පැවති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේදීය. ඔහුගේ පවුලේ අය පසුදා ඔහු අතුරුදන්ව ඇති බව කීය. සංවිධායක අපරාධ කල්ලියකින් ඔහුට නිරන්තරයෙන් තර්ජන තිබූ බව බොහෝ දෙනෙකු පවසති.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top