පසුගිය රජයේ ගෙවීම් පැහැර හැරි සේවා සපයන්නන්ට පරිපූරක ඇස්තමේන්තුවකට කැබිනට් අනුමැතිය
Thursday, 30 January 2020 - 11:24 | Views - 338
පසුගිය රජයේ ගෙවීම් පැහැර හැර තිබූ කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන්ගේ අදාළ ගෙවීම් පියවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ රුපියල් බිලියන 130 ක පරිපූරක ඇස්තමේන්තුවක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
Share This Article