නව කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හිස් වැසුම්, ජල බෝතල් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව වාර්තා වනවා. කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ චීනයේ මේ වනවිට ආරක්ෂිත මුඛ ආවරණ හිඟයක් මතුවීම හේතුවෙනුයි මෙම පියවරයන් ගෙන ඇත්තේ.
මුඛ ආවරණ නිෂ්පාදන ඉල්ලූමට අනුව සැපයුම ලබාදීමට නොහැකි වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම තත්ත්වය හමුවේ කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා චීන ජාතිකයන් දැවැන්ත උත්සහයක යෙදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ෂැංහයි සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගමන් කළ ගුවන් යානයක සිටි චීන ජාතික යුවළක් ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටින අයුරු දැක්වෙන ජායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනවා.
නව කොරා්නා වෛරසයෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 170 ක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර කොරෝනා වැනි ඉහළ අවදානම් සහිත රෝග කාරකයන්ගෙන් සමන්විත නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්මිතයන්ට අදාළ රසායනාගාරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදින්ගේ විද්වත් ආයතනය පවසනවා.
එම ආයතනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ලිපියක් යොමු කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වරින්වර අනාරක්ෂිත තත්ත්වයට පත්වන අතර, එමඟින් සෞඛ්‍ය සේවාවටද බරපතල විවේචන එල්ලවන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

