ශ්‍රී ලංකා පළමු ඉනිම 293කට සීමා කළ සිම්බාබ්වේ පිල ලකුණු 175ක් ඉදිරියෙන්
Thursday, 30 January 2020 - 8:07 | Views - 422

මැතිව්ස් 64යි: රාසා 113/7යි

සිකන්දර් රාසාගේ දක්ෂ පන්දු යැවීමත්, මැද පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශයත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 293කට සීමා කළ සිම්බාබ්වේ කණ්ඩායම හරාරේහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරනවිට ලකුණු 175ක් ඉදිරියෙන් පසුවෙයි.

සිය පළමු ඉනිමට ලකුණු 406ක් රැස්කළ සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ ලකුණු 113ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරැඹු අතර දිනය නිමාවනවිට කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කර තිබිණි.

ප්‍රින්ස් මැස්වයුරි ලකුණු 26ක් සහ රෙගීස් චකබ්වා ලකුණු 14ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

මුළු ලකුණු 32ක් වෙද්දී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ක්‍රෙග් අර්වින් ලකුණු 13කට දැවී ගියේය.

සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ සිකන්දර් රාසා හමුවේ පළමු ඉනිමේදී අසරණ වු ශ්‍රී ලංකා පිතිකරුවෝ එක පෙළට දැවී යද්දී හුදෙකලා සටනක නිරතවූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය. පන්දු 158කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 64ක් ලබාසිටි ඔහු, කාල් මුම්බා හමුවේ 8 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 244ක් විය.

පිට පිට ඉනිම 6කදී අසාර්ථකවී සිට මේ තරගාවලියේ පළමු තරගයේදී අර්ධ ශතකයක් රැස්කළ කුසල් මෙන්ඩිස්ට ඊයේ යළිත් ලකුණු අතරට පිවිසීමේ අවස්ථාව අහිමිවිය. දිනය ආරම්භ වනවිට නොදැවී ලකුණු 19ක් ලබාසිටි ඔහුට ඊයේ තවත් එක්කර ගත හැකිවූයේ ලකුණු 3ක් පමණි. පෙරේදා නායක දිමුත් කරුණාරත්න දවාගත් සිකන්දර් රාසා, මෙන්ඩිස් දවා ගනිමින් ඊයේ සිය කඩුලු දඩයම ආරම්භ කළේය.

දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබිණි. යළිත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ චන්දිමාල් පළමු තරගයේදී මෙන්ම පන්දු යැවූ සිකන්දර් රාසා වෙත උඩ පන්දුවක් දෙමින් ලකුණු 6කට දැවී ගියේය. ඔහු පළමු තරගයේදී දැවී ගියේ පන්දු යැවූ ෂේන් විලියම්සන් වෙත පෙරළා උඩ පන්දුවක් ලබා දීමෙනි.

සිවුවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු මැතිව්ස්ට එක්වූ ධනංජය ද සිල්වා ලකුණු 84ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 226 දක්වා ඉදිරියට ගෙන ගියේය. පන්දු 64කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 42ක් ලබාසිටි සිල්වා, රාසාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර තවත් ලකුණු 2ක් තුළ රාසාගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල (1) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. රාසාට 6 වැනි කඩුල්ල හිමිකර දෙමින් සුරංග ලක්මාල් මුළු ලකුණු 242දී පිටියෙන් ඉවත්වූ අතර අතිරේක ක්‍රීඩක බ්‍රයන් මඩ්සින්ගනයාමී උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලසිත් ඇඹුල්දෙණියගේ ඉනිම ලකුණු 5කට සීමා විය. මේ සමගින් ලකණු 113කට කඩුලු 7ක් දවා ගනිමින් රාසා සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කළ අතර මින් පෙර 2017 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 99කට කඩුලු 5ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය.

පළමු ඉනිමේ ලකුණු පරතරය අඩුකර ගැනීමේ සටනක නිරතවූ විශ්ව ප්‍රනාන්දු අවසන් කඩුල්ල ලෙස වික්ටර් නයාචී හමුවේ දැවී යනවිට පන්දු 82කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 38ක් රැස්කර තිබිණි.

අද තරගයේ සිවුවැනි දිනයයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top