
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැතිරී ගොස් නොමැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.
මේවන විට පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ජනතාව මුඛ ආවරණ පැළැඳීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් වෛද්‍යවරයා අවධාරණය කළේ ය.
ඒ මහතා මේ බව පැවසුවේ පිටකෝට්යේ වියත්මඟ කාර්යයාලයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
චීන ජාතික සංචාරක කන්තාවක් මෙම වෛරසය ආසාධනය වී ඇති බවට මේවනවිට හඳුනාගෙන තිබෙන බවත් රෝගීන් පරීක්ෂා කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුගමනය කරන ක්‍රියාපටිපාටිය යටතේ පරීක්ෂණ සිදුකරන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කෙළේ ය.
ශ්‍රී ලංකාව තුළ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිටත් පියවර රාශියක් ගෙන ඇති බවත් රෝගයේ අවධානම් සහිත පුද්ගලයන් වෙනම පරීක්ෂා කිරීම සිදුකරන බවත් පැවසූ ඒ මහතා මීට අමතරව රෝග නිවාරණ ක්‍රමයක්ද වෙනම සිදුකරගෙන යන බවත් පැහැදිලි කෙළේ ය.
පසුගිය වසර වලදී වාර්තා වී තිබූ ‘සෝරස්‘ , ‘මර්ස්‘ වැනි වෛරස රෝග සමඟ සැසදීමේදී කොරෝනා වෛරසයේ මරණ අනුපාතයේ යම් අඩු බවක් පෙනෙන්නට තිබෙන බවත් කොරෝනා වෛරස රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානයක් දැනට පෙනෙන්නට තිබෙන බවත් කීවේ ය.
නමුත් දැනට පවතින තත්ත්වයන් යටතේ මේ රෝගය පිළිබඳව අනවශ්‍ය කලබලවීමක් ඇති කරගන්න අවශ්‍ය නොමැති බවත් අවධාරණය කළේ ය.
කෙසේ හෝ ශ්‍රී ලංකාව තුළ මෙම කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් එයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් වැඩිදුරටත් කීය.
චන්දිමා කරුණාරත්න
84 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
39 Views