මිලියන ගණනක ජනතාව ඔවුන් ජීවත් වන මහල් නිවාසවල ජනේල වලින් හා බැල්කනි වල සිට මහ හඩින් ගී ගයන්නට වූ බව වාර්තා වේ. පෙරේදා (27) රාත්‍රියේ කිසිවකු ගේ නියෝගයක් නොමැතිව තනි වශයෙන් ආරම්භ වූ මෙම ගැයුමට මිලියන 11ක් පමණ එක් වූ බව සඳහන් වේ.
කෙරෝනා වෛරසය හේතුවෙන් ඒ වන විට බියට පත් වී ලෝකයෙන්ම තනි වී සිටි මොහොතක මෙසේ එක්ව ගී ගැයීම තුළින් ඔවුන් යම් උත්තේජනයක් ලබන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “ වූහාන්- සටන් කරන්න- ජයගන්න- නැගී සිටින්න- යළි නැගී සිටින්න “ ලෙස උස් හඬින් නොනවත්වා ගායනා කර තිබේ.