දින 4ක් තුළ චීනයේ සිට ශ්රී ලාංකිකයින් 661 ක් දිවයිනට
Thursday, 30 January 2020 - 8:02 | Views - 367
පසුගිය දින 4 තුළ චීනයේ සිට ශ්රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ පස්වරු හතරේ සිට අද උදෑසන තෙක් ගුවන් යානා 5 කින් චීනයේ සිට ශ්රී ලාංකිකයින් 281 දෙනෙකු පැමිණි බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ.
පසුගිය දින 4 තුළ ශ්රී ලාංකික සිසුන් 488 දෙනෙකු චීනයෙන් පිටත්ව ගිය බව බීජිං හි ශ්රී ලංකා තානාපති කාර්යාලය ප්රකාශ කළා.
මේ අතර ටිබෙටයේ ද මුල් වරට කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන තිබෙනවා.
චීනයෙන් කොරෝනා මරණ 170ක් වාර්තා වන අතර ලොව පුරා රටවල් විස්සක ආසාධිතයන් 7805 දෙනෙකු හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article